EPCOLIFE
  • Home
  • Books
  • Menu
    • Hot Topics
    • Videos
    • Progarms
    • Tools
    • Comments
  • About Us
  • Contact Us
  • Become a Member
  1. Home
  2. About us
banner img

විශ්ව නීතියට අනුගතව පෘථිවි මාතාව විසින් බිහිකොට පෝෂණය කල අසමසම නිර්මාණය මිනිසාය. ගස කොළ සතා සීපාව ඇතුලු අනෙකුත් ජීවීන් අභිබවා මිනිසා ඉස්මතු වන්නේ විශේෂිත වූ පරිණාමයකට ලක්ව ඇති මොළය ප්‍රමුඛ ස්නායු පද්ධතිය සතු සංකීර්ණ වූත් උතුම් වූත් හැකියාව නිසායි. තම පවැත්ම සහ අභිමතය වෙනුවෙන් සොබාදහම රිසි පරිදි හැසිරවීමට මිනිසා සමත්ව ඇත. අනෙක් පසින් කායිකව , මානසිකව හා ආධ්‍යාත්මිකව ගිලන් වීම හේතුවෙන් අන් කිසිදු ජීවියෙකුට වඩා මිනිසා විඳවීමේ චක්‍රයක හසුව සිටී. ‍යලි ප්‍රකෘති මත් කළ නොහැකි අයුරින් ස්වභාව ධර්මයේ සමතුලිත බව බිඳ දැමීමට කටයුතු කරමින්, මුලු ජෛව ගෝලයම පෘථිවි තලයෙන් අතුගා දැමීමට මං පෙත් විවර කිරීමද මිනිසා විසින් සිදු කරමින් පවතී.

තම ශරීරය හා මනස මඟින් නිර්මාණය වන ගිලන් බව වලක්වා ගැනීමට හා මර්ධනය කිරීමට පුද්ගලයා සමත් වන්නේ මේ කාලයේ සීමාවකට යටත්ව ඇති දිවිය විඳවනවා වෙනුවට වින්දනය කිරීමට හැකි වේ. සතුටින්, සනසීමෙන්, ආදරයෙන් හා සහකම්පනයෙන් යුතු වූ ජීවිතයක් ගත කිරීමට හැකියාව උදාවීම පුද්ගලයකුට ලැබිය හැකි උතුම්ම දායාදයයි.

රෝග පීඩා ජනනය වීම වැලැක්වීමට හා මැඩලීමට අප සිරුර සතු අද්විතීය ශක්‍යතාවය පිලිබඳ බොහෝ දෙනා තුල අවබෝධයක් නැත. ගිලන් වීමට එරෙහිව සිරුර හා මනස සතු හැකියාව මොට කරනු ලබන ජීවිත රටා හා විශ්වාස පිලිබඳ විවේචනාත්මක තක්සේරුවක්ද අප බොහො දෙනා තුල නොපවතී. සතුට සැනසීම, සහජීවනය හා ආදරය සපිරි සෞඛ්‍යමත් ජීවිතයක් නිර්මාණයට ඉවහල් වන නවීන විද්‍යාත්මක දැනුම, පාරම්පරික දැනුම හෝ වෙනත් ප්‍රභවන් ආශ්‍රිත විකල්ප දැනුම ලබා ගැනීම පිලිබඳ හෝ ඒ අනුව ජීවිතය හැඩගස්වා ගැනීම පිලිබඳ උනන්දුවක් බොහෝ දෙනා තුල නොමැත. අප ඇතුලු ජීවීන්ගේ පැවැත්ම උදෙසා ස්වභාවධර්මයේ සමතුලිතතාවය සුරක්ෂිත කිරීම හා ස්වභාව ධර්මය සමඟ ඒකාත්මික වී ජීවත් වීමේ අවශ්‍යතාවය පිලිබඳ තැකීමක් ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙකුට පමණි.

නිවැරදි වූත් අදාළ වූත් දැනුම ලබාදීම, ධනාත්මක ආකල්ප සංවර්ධනය, හිතකර චර්යා රටා ස්ථාපනය වීම උත්තේජනය කිරීම හා සෞඛ්‍යමත් තීරණය පහසු තීරණය වන වට පිටාවක් සකස් කිරීම මඟින් තම ජීවිතයට අදාල සියලු දේ පාලනය සියතට ගැනීමට පුද්ගලයාව බලගැන්වීම හැකිනම් එය මහැඟි කාර්යයකි. තම ජීවිතය පිලිබඳ වගකීම හා පාලනය තමා නතු කරගැනීමට පුද්ගලයා බලගැන්වීමට ක්‍රියාකාරීදායකත්වයක් ලබා දීම EPCO LIFE පදනම ඇති කිරීමේ මූලික පරමාර්ථයයි. මෙම වෙබ් පිටුව තුල ක්‍රියාත්මක වීම හා ඉලක්කගත කණ්ඩායම් පාදක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මූලික වශයෙන් සිදු කරනු ලැබේ. උක්ත කරුණු පිලිබඳ උනන්දුවක් ඇති අයවලුන් හා ආයතන සමඟ සහ සම්බන්ධ වී කටයුතු කිරීමටද බලාපොරොත්තු වේ.

වෛද්‍ය ජගත් ඇල්විටිවල

(MBBS , MSc)

EPCOLIFE.ORG

Empowering People for Control Over of Life.

Pages

  • Books
  • Hot Topics
  • Videos
  • About Us
  • Contact Us

More

  • Programs
  • Tools
  • Comments
  • Become a Member

Get in Touch

  • [email protected]
  • Facebook
  • Youtube

Copyright © 2024 epcolife.org - All rights reserved.
Site Designed by Chamuditha Tennekoon .